සාමාන්‍යයෙන් "Hello world" කියලා කියන්නෙ programming language එකකනම් මුලින්ම test කරලා බලන code එක. Blog එකකනම් පළවෙනියටම දාන post එක. එතකොට මූ මේක මැදින් දාලා මොක්කද කරන්නෙ නේද? ඇත්තටම මේක තමා අලුත් blog එකේ පළවෙනි post එක. හරි මුල ඉඳන්ම කියන්නම්කො මගෙ blog කෙරුවාව ගැන. මේක කියවද්දි නිකන් "අම්මෝ මුගෙ තෙල!" වගේ හිතෙන්න පුලුවන් හැබැයි ඉතිං ඇත්තටම මම එහෙම තෙල් බෙදන්න පුලුවන් තරම් ලොකු වැඩ්ඩෙක් නෙවේ 🙂
කතාව මේකයි, 2013 දි වගේ තමා මුලින්ම blog එකක් පටන්ගත්තෙ. හැබැයි ඒ දවස්වල මෙලෝ මගුලක් ගැන තේරුමක් තිබුනෙ නෑ. Google Blogger එකෙන් තමා වැඩේ පටන් ගත්තෙ. හැබැයි මොනවද ලියන්නෙ කියලා එහෙම කිසිම අදහසක් තිබුනෙ නෑ. ඒ වැඩේ එහෙම අතෑරුනා. පස්සෙ ආයෙත් 2014 වගේ තේරුනා web ගැන පොඩි ආසාවක් තියෙනවා කියලා. කොහොමහරි ඒ දවස්වල මට හම්බවුනා Wijaya Newspapers එකේ Easy Guide Magazine එකක් හම්බවුනා Joomla කියලා CMS එකක් ගැන. ඒකෙ XAMPP වලින් වැඩේ කරන විදිය තමා තිබුණේ. ඒක දැකපු ගමන් හිතුනා පොඩ්ඩක් අතපත ගාලා බැලුවනම් හරි කියලා. පොඩි අවුලකට තිබුනෙ XAMPP බාගන්න එක තමා. මට මතක විදියට ඒ දවස්වල 500MB කිට්ටුව තිබුනා setup එක. කොහොමහරි දවස් දෙකක කට්ටක් කාලා ඒක බාගත්තා කියමුකො.
ඊට පස්සෙ හරි දෙන්නම් ජම්බු කියලා හිතලා වැඩේ පටන් ගත්තා. හැබැයි කොච්චර වාසනාවන්තද කියනවනං XAMPP install වුනේ නෑ මොකක්හරි error එකක් ආවා. ආය ඒක බාන්නත් බෑ, error fix කරගන්න තේරුමකුත් නෑ ඒ දවස්වල. ඒකෙම ආය තිබුනා Wampserver එක ගැනත්. ඊට පස්සෙ ඒකෙන් වැඩේ කරන්න කියලා බැලුවා. ඒක නම් කිසිම අවුලක් නැතුව install කරගත්තා, හැබැයි මට මතක විදියට ඒකෙ server එකක් start කරගන්න පට්ට කට්ටක් කෑවා. (මේ ළඟදි තමා දැනගත්තෙ Skype එකයි Wamp එකයි දුවන්නෙ එකම port එකේ හින්දා වැඩිහරියක් ඔය අවුල් යන්නෙ කියලා 😂) කොහොමහරි වැඩේ හරිගියාට මට Joomla සෙට් වුනේ නෑ. ඒ වැඩෙත් එහෙමම අතෑරලා දැම්මා.
හැබැයි අතෑරියා කියලා කිව්වට කොතනකදිවත් ඇත්තටම වැඩේ අතෑරිලාම ගියෙ නෑ. ඒ දවස්වල Wijaya පරිගණක magazine එකත් එක්ක දුන්නා PCDigest කියලා පොඩි handbook එකක්. එකක තිබුනා Wordpress කියලා CMS එකක් ගැන. කොහොමහරි ඒකත් කරලා බලන්න ආසාවක් ආවා. ඒ වැඩේ නම් මට සෑහෙන දුරකට අල්ලලා ගියා. ඒ වුනාට ඒ දවස්වලත් ලියන්න දෙයක් ගැන අදහසක් තිබුනෙ නෑ. ඒ වගේම hosting ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙත් නෑ. හැබැයි local server එකක් දාගෙන Wordpress වල එකේක දේවල් කර කර බැලුවා. Themes මාරු කරපු එක, plugins දාපු එක තමා කරේ ඇත්තටම. ඒ වැඩෙත් එහෙමට තේරුමක් තිබුනෙ නෑ. ඔය ඔක්කොටම පස්සෙ ආය 2018 දි වගේ තමා free hosting site එකකින් පොඩි server එකක Wordpress දාලා ඇත්තටම blog එකක් විදියට ලියන්න ගත්තෙ. ඊට පස්සෙ ඔය blog එක තැන් කිහිපයකටම මාරු කරා ඒ දවස්වල ලියලා තැන් තැන් වලට migrate කරද්දි ඉතුරුවුණ posts තමා යටින් තියෙන්නෙ.
කොහොමහරි 2020 මාර්තු වගේ වෙනකන්ම ඔය Wordpress blog එක තමා තිබුනෙ. අප්‍රේල් වලදි වගේ මට twitter එකෙන් හම්බවුනා Androidවැඩකාරයෝ එක කරන තිමිර අයියා. ඒ දවස්වල Androidවැඩකාරයෝ එක Ghost කියලා CMS එකකින් ආයමත් අලුතෙන්ම පටන් අරගෙන තිබුනෙ. පොඩ්ඩක් හොයලා බැලුවට පස්සෙ මටත් Ghost වලින් මොකක්හරි අටවාගන්න ආසාවක් ආවා. ඊට පස්සෙ මම තිමිර අයියට DM එකක් දාලා බැලුවා. තිමිර අයියා කිසිම ලොකු සීන් එකක් දාන්නෙ නැතුව වැඩේ කරන්නෙ කොහොමද කියලා දුන්නා. හැබැයි එකෙත් මට එහෙම අලුතෙන් ලියන්ල කියලා දෙයක් හිතාගන්න බැරිවුනා.
ඔන්න ඔහොම වෙලා අන්තිමට 2020 දෙසැම්බර් වලදි දැනගන්න හම්බවුනා static site generation කියලා දෙයක් ගැන. ඒකටත් පොඩ්ඩක් හොම්බ දාලා බැලුවා. ඒකෙ ඇත්තටම අමුතු ආතල් එකක් තියෙනවා කියලා මට තේරුනා. හැබැයි මට ඕනෙ කරන විදියෙ theme එකක් මට හොයාගන්න බැරුව ගියා. තව ටිකක් හොයලා බලද්දි තමා Next.js සෙට් වුනෙ. Next.js කියන්නෙ Vercel එකේ React framework එකක්. ඒක කෙලින්ම static site generation වලටම හදපු එකක්. Documentation එකත් ඕනෙ කෙනෙකුට තේරෙන පට්ට simple විදියට ලියලා තිබුනා. YouTube එකෙන් හොයාගත්තා පට්ට tutorial එකකුත්. ඊට පස්සෙ තනියම මේ template එක ලියාගත්තා. ඒ වුනාට මට තාම React තියා Vanilla JS වත් හරියට බෑ. හැබැයි ඒ මොනවත් ඕනෙ වුනේ නෑ මේ වැඩේට. Next.js එකෙන්ම දෙනවා හොඳ boilerplate code එකක්. HTML, CSS ටිකකුයි, Code එකක් කියවලා තේරුම් ගන්න පුලුවන්කමයි තියෙවනම් ලේසියෙන්ම template එකක් හදාගන්න පුලුවන්.
ඔන්න ඔහොමයි එතකොට blog කෙරුවාව සිද්ද වුනෙ. තව මේකෙ develop වෙන්න ඕනෙ තැන් ගොඩාක් තියෙනවා ඒත් මං හිතන්නෙ නෑ මම Next.js අතෑරලා දායි කියලා. අන්න ඒ හින්දා තමා මේ post එකට Hello World කියලා නම දැම්මෙ. මේක මෙහෙම විනාඩි 10-15 කින් කිව්වට ඇත්තටම අවුරුදු 7-8ක කතාවක් සමහර තැන් අමතක වෙලා මගෑරිලා එහෙමත් ඇති. කොහෙමවුනත් මේක තමා ඉතිං මගෙ blog කෙරුවාව, web කෙරුවාවත් ඉතිං මේ වගේම කතාවක් තමා. ඒ මොනවා වුනත් තාමත් මට මොනවද blog එකේ ලියන්න ඕනෙ content කියලා හිතාගන්න බෑ. හිතුනොත් එහෙම web කෙරුවාව ගැනත් ලියනවා, තව පොඩි පොඩි අදහස් වගයක් තියෙනවා ඉතිං බලමුකො 😁❤️