වැදගත් : මේ ලිපියේ ෆිල්ම්ස් / ටීවි සීරීස් කියන දෙකටම අදාළව ෆිල්ම්ස් කියන වචනය පාවිච්චි වෙනවා, ඒ වගේම සිංහල ඉංග්‍රීසි මාරු කර කර ටයිප් කරනවා කියන එක සෑහෙන වදයක් නිසා එදිනෙදා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඉංග්‍රීසි වචන ලියනවා වෙනුවට ඒ වචනයේ උච්චාරණය සිංහලෙන් ලියලා තියෙනවා (සිංහලෙන් ලිව්වම පට්ට awkward වගේ හිතෙන වචන සහ technical වචන ඉංග්‍රීසියෙන්ම ලියන්නම් 😁)
තව දෙයක් තමා මම මේකෙ කියලා තියෙන theoretical දේවල් ගැන professional knowledge එකක් තියෙන කෙනෙක් නෙවේ. හැබැයි මේ සමහර දේවල් ගැන සෑහෙන practical knowledge එකක් නම් මට තියෙනවා. තවත් සමහර දේවල් මමත් මේක ලියන්නම හොයාගෙන කියවලා බලලා තේරුම් ගත්ත දේවල්. ඒ නිසා මේකෙ සමහර තැන්වල අඩුපාඩු තියෙන්න පුලුවන්. එහෙම තැනක් දැක්කොත් පහළ තියෙන edit on GitHub එකෙන් ඒවා නිවැරදි කරලා PR එකක් දාන්න 🤗

හරි දැන් කෙලින්ම කතාවට බහිමුකො. මෙහෙමයි ගොඩක් වෙලාවට ෆිල්ම්/ ටීවි සීරීස් ටොරන්ට් එකක නම කියෙව්වම confused unga bunga වෙලා යනවා.හේතුව තමා එතන ෆිල්ම් එකක නම් ඒකෙ නම, release වුන අවුරුද්ද ටීවි සීරීස් එකක නම් නම, season එක, episode number එකට අමතරව තව සෑහෙන වචන, අකුරු, ඉලක්කම් ගොඩක් තියෙනවා. නිකමට වගේ පහළ තියෙන නම් ටික බලමු.

  • Dear Comrade 2019 2160p AMZN WEB DL HEVC DDP5.1-DDH
  • KGF Chapter 1 Kannada 5.1CH 1080p 10Bit AV1 By DCRUGER
  • Home Alone 1990 REMASTERED 720p BluRay 999MB HQ x265 10bit-GalaxyRG
  • Avatar The Last Airbender S01E06 720p BluRay x264-Pahe in
  • The Witcher S02E03 What Is Lost 720p 10bit WEBRip 2CH x265 HEVC-PSA

වැඩිහරියක් දේවල් කිසිම තේරුමක් නෑ වගේ හිතෙනවා නේ? ඒ වගේම ෆිල්ම් එකේ නම එකම වුනාට මේ අනිත් කොටස් වෙනස් ටොරන්ට්ස් බොහෝ ප්‍රමාණයක් තියෙන්න පුලුවන්. ඉතිං මේ තියෙන වචන තේරුම් ගන්න බැරිවුනොත් බොහෝවිට ඩවුන්ලෝඩ් කරගන්නෙ වැරදි ටොරන්ට් එකක් වෙන්න පුලුවන්.

Torrents

ඒ නිසා මං දන්න දේවල් ටිකයි නොදන්න දේවල් ටිකත් කොහොමහරි හොයාගෙන ඒ ටිකයි එකතු කරලා ලියලා දාන්න කියලා හිතුවා.

ඉංග්‍රීසි භාශාවෙන් හැර වෙන භාෂාවකින් හැදුව ෆිල්ම් එකක ටොරන්ට් එකක්නම් ෆිල්ම් එකේ නම සහ රිලීස් වුන අවුරුද්දට පස්සෙ මුලින්ම ඒකෙ තියෙන audio එකේ භාෂාව මොකක්ද කියලා සඳහන් කරනවා.

Important Tags (1)

අර මුලින් කිව්ව ෆිලම්ස්වල භාෂාවට පස්සෙ සහ අනිත් ෆිල්ම්ස් වල නම් රිලීස් වුන අවුරුද්දට පස්සෙ ඒ ටොරන්ට් එක ගැන යම් විශේෂ දෙයක් සඳහන් කරන්න තියෙනවනම් ඒකට ආවේනික වුන ටැග් එකක් භාවිත කරනවා.

  • PROPER
    මුලින්ම නිකුත් වුණ ටොරන්ට් එකේ තියෙන යම් වැරැද්දක් නිවැරදි කරලා හෝ ඊට වඩා හොඳ torrent එකක් පසුව වෙනත් කෙනෙකු විසින් නිකුත් කරනවා නම් PROPER කියලා යොදනවා. PROPER හරහා එය පැරණි torrent එකට වඩා හොඳ බව අදහස් වුණත් එය release format එක අනුව වෙනස් වෙනවා. උදාහරණයකට film එකක මුල්ම CAMRip එකට වඩා PROPER CAMRip එක යම්තාක් දුරකට හොඳ වුණත් original release එකත් එක්ක ඒක සංසන්දනය කරන්න බැහැ. PROPER copy එකේ වෙනස් වෙලා තියෙන්නෙ මොනවාද කියලා release information සඳහන් කරන NFO file එකෙහි අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනෙ.

  • REPACK
    PROPER විදියටම යම් වැරැද්දක් නිවැරදි කරලා මුල් torrent එක නිකුත්කල අය විසින්ම පසුව නැවත නිකුත් කරන torrent එකේදී මේ REPACK යන්න සඳහන් කරනවා.

  • iNTERNAL
    මෙනවාහරි අඩුපාඩු තියෙන source එකකින් encode කරපු ෆිල්ම් එකක් හරි එහෙමත් නැත්තං කවුරුහරි encoder කෙනෙක්ගෙ forum එක, website එක හෝ group එකේ අය සඳහා පමණක් නිකුත් කරන torrents වලදී iNTERNAL කියලා සඳහන් කරනවා. මෙහෙම සඳහනක් කරන්නෙ පිට අයත් මේක අරගෙන යම් අඩුපාඩුවක් තිබුනොත් ඒක encode කරපු අයගෙ නමට හානියක් වෙන්නෙ නැති වෙන්න. ​ගොඩක් වෙලාවට මේකට පස්සෙ ආයමත් REPACK එකක් රිලීස් වෙනවා.

  • DUBBED
    Film එක නිකුත්කළ භාෂාවෙන් නැතිව වෙනත් භාෂාවකින් හඬකවලා තියෙන බව දැන්වීමට DUBBED යන්න සඳහන් කරනවා.

  • SE
    Special Edition යන්න හැඳින්වීමට මෙය යොදාගන්නවා. බොහෝවිට මෙවාගේ deleted scenes, interviews, behind the scenes වගේ bonus material අඩංගු වෙනවා.

  • DC
    එම torrent එක film එක නිෂ්පාදනය අවසන් කිරීමට පෙර අධ්‍යක්ෂවරයාට යවන copy එක ඒ කියන්නෙ Director’s Cut එකක් කියන එක තමා DC වලින් කියන්නෙ. වැඩ අවසන් කරලා නැති නිසා මේවාගේ ගොඩක් වෙලාවට තියෙන්නේ කෙලින්ම camera එකෙන් ලබාගත්ත dub කරලා නැති video කොටස්. මේ නිසා audio quality එක ඉතා අඩු මට්ටමක පවතිනවා. බො​හෝ අවස්ථාවල යම් කොටස් වෙනුවට කලු පසුබිමක එතන තියෙන්න ඕනෙ මොකද්ද කියලා ලියලා තියෙනවා වගේම යම් යම් දේ සඳහන් කළ watermarks ද යොදලා තියෙනවා. Final cut එකේදී මෙහි තිබූ කොටස් අඩු වීම හෝ නැවත වෙනත් කොටස් එකතුවීම සිදුවෙන්න පුලුවන්.

  • EXTENDED
    Deleted scenes ද එකතු කර නැවත film එක release කරන අවස්ථාවල එම පසුව release කරන torrents මුල් torrents වලින් වෙන්කර දැක්වීමට EXTENDED යන්න සඳහන් කරනවා. බොහෝවිට BluRay quality video එකක් වන අතර film එකේ original release එකෙහි quality එකටම සමාන quality එකක් මේවායේ පවතිනවා.

  • REMASTERED / DIGITALLY REMASTERED
    Digital නොවන මුල් release එකක් re-edit, remaster කර නැවත release කිරීමේදී ඒ torrents වෙන්කරලා දක්වන්න REMASTERED label එක යොදනවා. ගොඩාක් වෙලාවට සුපිරි මට්ටමේ පරණ films තමා මේ විදියට remaster කරන්නෙ. ඒවායේ quality enhancements, audio enhancements, recolor කිරීම මගින් පරණ release එකට වඩා සෑහෙන හොඳ තත්ත්වයකට ගැනීම තමා සිද්ද වෙන්නෙ.

  • RATED / UNRATED / CENSORED / UNCENSORED
    Censor board එකක් මගින් censor කළ දර්ශන රහිතව release කරන copy එකෙහි RATED හෝ CENSORED ලෙසත් එම දර්ශනද ඇතුළත් කර ඇත්නම් UNRATED හෝ UNCENSORED ලෙසත් සඳහන් කරනවා. බොහෝවිට WEBRips, WEB-DLs uncensored වෙන්න වැඩි ඉඩක් තියෙනවා, ඒ වුනත් එහෙම නොවන අවස්ථාත් තියෙන්න පුලුවන්.

Video Resolution

Film එකේ නම, release year එකට පස්සෙ බොහෝවිට video resolution එක දානවා. ​එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට low quality videos වෙන්න පුලුවන්. මේ torrents වල වැඩිපුරම පාවිච්චි වෙන්නෙ 720p/1080p කියන resolutions දෙක තමා. ඊට අමතරව 2160p එකත් ගොඩක් වෙලාවට හොයාගන්න පුලුවන් දැන් වෙද්දි නම්.

Resolutions

  • 2160p :
    2160p කියන එක අහලා නැති වුණත් 4K කියන එක අහලා නැතිවෙන්න බෑ. 4K, Ultra HD, UHD කියලා කියන්නෙ මේ 2160pම තමා. මේකට 2160px උසක්, 3840px දිගක් තියෙනවා. දැනට torrents එකක් රිලීස් වෙන උපරිම resolution එක තමා 2160p. Quality එක ගැන කතා කරන්න දෙයක් නෑ. Film theatres වල පවා මේ 4K resolution එක යොදාගන්නවා.

  • 1080p :
    1080p කියන එක Full HD එහෙම නැත්තං FHD කියලා හඳුන්වනවා. මේක 1080px උසක්, 1920px දිගක් තියෙනවා. 720pට වඩා සෑහෙන details මේකෙ බලාගන්න පුලුවන්. size එකත් දෙගුණයකට කිට්ටු වෙනවා.

  • 720p :
    720p එහෙම නැත්තං HD කියලා කියන්නෙ 720px උස 1280px දිගක් (1280 x 720) තියෙන video එකක්. සෑහෙන හොඳ මට්ටමේ quality එකක් මේකෙ තියෙනවා. ඒ වගේම size එකත් අඩුයි.

  • IMAX :
    IMAX එහෙමත් නැත්තං 15/70 film format එකෙන් රිලීස් කරන ෆිල්ම් එකක් වෙන්කරලා දක්වන්න තමා මේ ටැග් එක හාවිත කරන්නෙ. මේකෙ තියෙන වෙනස තමා සාමාන්‍ය 35-millimeter standard එක වෙනුවට 70-millimeter standard එකෙන් නිර්මාණය කරලා තියෙන එක. ඒ කියන්නෙ මේකෙ එක ෆරේම් එකකට 70mm ක දිගක් තියෙනවා. ඒ කියන්නෙ 35mm film එකකට වඩා 10 ගුණයක විතර විශාලනයක් තියෙනවා. ඒවගේම මේකෙ සාමන්‍යයෙන් පාවිච්චි වෙන 2.39:1 aspect ratio එක වෙනුවට 1.90:1 aspect ratio එක තමා පාවිච්චි වෙන්නෙ. මේ විදියට මේකෙ උස වැඩි වීම හින්දම සාමාන්‍ය ෆිල්ම් එකක ​තියෙන details වලට වඩා වැඩි details ප්‍රමාණයක් බලාගන්න පුලුවන්. මේකට සරළම උදාහරණයක් තමා 2021දි ආව Zack Snyder's Justice League ෆිල්ම් එක.

මේවගෙ උස හරියටම මේගාන කියලා කිව්වට ඇත්තටම ඒවා ගොඩක් දුරට මැනලා තියෙන්නෙ letterboxing එක්ක. ​ඒ නිසා හරියටම ​උස මේ කියන ගනන් වලට වඩා යම් තරමකට අඩුවෙන් තමා තියෙන්නෙ.

මෙතනින් පහළ ටික කියවන්න යනවා නම් Encoding සහ Decoding කියන්නෙ මොනවද කියලා සරළ අදහසක් තියාගන්න වෙනවා.

  • Encoding
    සරළව කියනවනම් raw video file එකක් විවිධ devices සහ platforms වලට අවශ්‍ය විදියට format එක වෙනස් කරලා compress කරලා data විදියට (0,1 විදියට) හදාගන්න ක්‍රියාවලිය තමා encoding එහෙම නැත්තං coding කියලා කියන්නෙ. Encoding වල ප්‍රධාන අරමුණ තමා අඩු ඉඩක් ගන්න විදියට video එක compress කරගන්න එක. මේවට පාවිච්චි වෙන tools වලට encoders කියලා කියනවා.

  • Decoding
    වචනාර්ථයෙන්ම Decoding කියන්නෙ encoding කියන එකේ අනිත් පැත්ත තමා. මේකෙදි වෙන්නෙ data විදියට තියෙන ෆයිල් එකක් ආයෙමත් වීඩියෝ එකක් විදියට decompress වෙන එක. ඒ වගේම මේකට decoders පාවිච්චි වෙනවා.

Codec
Encoding - Decoding වලට පාවිච්චි වෙන software හෝ hardware devices තමා Codec කියලා හඳුන්වන්නෙ. මේ වචනෙ හැදිලා තියෙන්නෙ COding - DECoding කියන වචන දෙක එකතු වෙලා. ​මේවා encoder libraries කියලත් හඳුන්වනවා. AVC, HEVC තමා අපිට වැඩිපුරම දකින්න හම්බවෙන codecs දෙක. x264, x265 කියන්නෙ මේ codec වලින් video encode කරන්න පාවිච්චි කරන software libraries දෙකක්.

  • x264 / AVC :
    2010 ඉඳලා VideoLAN එකෙන් (VLC Player එක හදන අය) develop කරන free & open-source software library එකක් තමා x264. මේක H.264/MPEG-4 AVC format එකට videos encode කරන්න ​තමා පාවිච්චි කරන්නෙ. මේක බොහෝම ජනප්‍රිය library එකක්. ඒවගේම ගොඩක් web browsers, TV, video players, mobile phones වලට මේක support කරනවා කිසිම අවුලක් නැතුව. දැනට ෆිල්ම්ස් වල සුලබව හොයාගන්න පුලුවන් copies ගොඩක් ඒවා මේ AVC codec එකෙන් තමා තියෙන්නෙ.

  • x265 / HEVC:
    2013 දි, H.265/MPEG-H HEVC (High Efficiency Video Coding) format එකට encode කරන්න MulticoreWare Inc. එක හඳුන්වලා දීලා තියෙන library එකක් තමා x265 කියන්නෙ. මේකෙ තියෙන වාසිය තමා bitrate එක වෙනස් නොකරගෙන x264 වලට වඩා 50%කට ආසන්නව bandwidth එක අඩු කරගන්න පුලුවන් වෙන එක. මේකෙ color accuracy එකත් x264 වලට වඩා වැඩියි. සෑහෙන තරම් quality details තියෙන video output එකක් මේකෙන් ලබාගන්න පුලුවන්. ඒ වගේම තමා මේකෙ තියෙන ප්‍රධානම අවාසි තමා supported devices ප්‍රමාණය අඩු එක (royalty ප්‍රශ්න නිසා) සහ මේ format එකේ video එකක් decode කරන්න සෑහෙන processing power එකක් වුවමනා වෙන එක.

  • VP9:
    HEVC වලට තරඟයක් දෙන්න Google ලා 2013 දී හඳුන්වලා දීලා තියෙන royalty-free, open source codec එකක් තමා VP9 කියන්නෙ. ප්‍රධානවම YouTube එක තමා මේ codec එක පාවිච්චි කරන්නෙ. ඊට අමතරව පොඩි පොඩි streaming services මේක පාවිච්චි කරනවා HEVC වල තියෙන ප්‍රශ්න නිසා. මේක VP8 වල ඊළඟ පරම්පරාව විදියට හඳුන්වා දුන්නත් Google එකෙන් කියලා තියෙනවා මේක තව ඉදිරියට develope කරන්න එයාලාගෙ අදහසක් නෑ කියලා. ඒ වෙනුවට AV1 වලට මාරු වීම සහ ඒකෙ development වලට උදව් දීම තමා දැන් කරන්නෙ.

    VP9
    Mr.Beast's $456,000 Squid Game In Real Life!
  • AV1:
    AV1 එහෙම නැත්තං AOMedia Video 1 කියන්නෙ the Alliance of Open Media Video විසින් අලුතෙන්ම 2018දී හඳුන්වලා දුන්න open, royalty-free video coding format එකක්. Alliance for Open Media එකේ ඉන්න සාමාජිකයෝ තමා Amazon, Apple, ARM, Cisco, Facebook, Google, Huawei, Intel, Microsoft, Mozilla, Netflix, Nvidia, Samsung Electronics, Tencent. ඒ කියන්නෙ ලෝකෙ තියෙන ලොකුම tech companies වලින් මේ AV1 codec එකේ develop කරන්නෙ. මේක හඳුන්වාදෙන්න ප්‍රධානම හේතුව තමා ඉන්ටර්නෙට් එක හරහා video transmissions පහසු කිරීම. මේ AV1 codec එක HEVC සහ Google පාවිච්චි කරන VP9 වලට තරඟයක් දෙන්න තමා design කරලා තියෙන්නෙ. මේක HEVC වලට වඩා 30%ක් සහ H264 වලට වඩා 50%ක් කාර්යක්ෂමව වැඩකරනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. දැනටමත් Netflix, YouTube වගේ streaming services වල අලුත් වීඩියෝස් මේ codec එකෙන් ලබාදෙනවා පටන් අරගෙනයි තියෙන්නෙ. ඒ කියන්නෙ දැනට මේ තියෙන තත්ත්වයත් එකක් AV1 අනාගතයේදි වැඩිපුරම පාවිච්චි වෙන codec එක වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.

    AV1
    Kadalalle Video Song | Dear Comrade Video Songs - Telugu | Vijay Deverakonda,Rashmika | Bharat Kamma

Color Depth (Bit Depth)

Color එකක කොච්චර shade ප්‍රමාණයක් display කරන්න පුලුවන්ද කියන එක (color accuracy) තමා මේ bit depth එකෙන් විස්තර කරන්නෙ.

Bit Depth

  • 8bit :
    8bit වලදි pixel එකකට primary colors වල (RGB) shades 256ක් display කරන්න පුලුවන්. ඒ කියන්නෙ 8bit වල possible colors ප්‍රමාණය 256 x 256 x 256 = 16.7 million වගේ වෙනවා.

  • 10bit :
    10bit වලදි pixel එකකට මේ අගය 1024ක්.
    1024 x 1024 x 1024 = 1.07 billion possible colors ප්‍රමාණයක් තියෙනවා.

  • 12bit :
    12bit වලදි shades ප්‍රමාණය 4096ක්, colors ප්‍රමාණය 4096 x 4096 x 4096 = 68.7 billion ක්.

මේ ටික කියෙව්වම හිතාගන්න පුලුවන් ඉතිං 12bit > 10bit > 8bit කියල. Bit depth එක ගැන සඳහනක් කරලා නැති සමාන්‍ය වීඩියෝ එකක් නම් බොහෝවිට එන්නෙ 8bit විදියට. මේ නිසා තමා dark scenes වලදි කොටු කොටු වගේ පේන්න ගන්නෙ. ඒකට හේතුව තමා 8bit වලදි ​display කරන්න පුලුවන් shades ප්‍රමාණය අඩු වීම. 10bit, 12bit වලදි කලින්ට වඩා smooth විදියට අපිට ඒ scenes බලාගන්න පුලුවන් වුනත් මේවගෙ හරිම experience එක ගන්න නම් ඒ bit depth එකට අදාළ display panel එකක් පාවිච්චි කරන්න ඕනෙ.

Dynamic Range
වීඩියෝ එකක light - dark tones range එක තමා සරළවම dynamic range එක කියන්නෙ.

  • SDR : Standard Dynamic Range
  • HDR : High Dynamic Range
  • HDR10
  • HDR10+
  • DoVi : Dolby Vision
    වගේ විවිධ variations මේකෙ තියෙනවා. හැබැයි මේ dynamic range එකට අදාළ display එකක් නැත්තං මේවගෙන් කිසිම වෙනසක දකින්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ ගැන ලොකුවට කතා කරන එකේ තේරුමක් නෑ.

Release Formats

  • CAM-Rip / CAM / HDCAM
    camcorder එකක් හෝ mobile phone එකක් යොදාගෙන film hall එකකදි record කරලා දාන copies තමා මේ නම්වලින් හඳුන්වන්නෙ. මේවගෙ hall එක ඇතුලෙ මිනිස්සු එහෙ මෙහෙම යන ඒවා පවා record වෙනවා. Sound capture කරගන්නෙ microphone එකෙන් මේ නිසා background noise record වෙනවා. video quality එක වගේම video quality එකත් ඉතා පහළ මට්ටමක තියෙන්නෙ.

  • HDTS / PreDVD / PreDVDRip
    Telesync (TS) කියන එකත් CAM-Rip වර්ගෙටම තමා අයිති වෙන්නෙ. මේවා සමහර අවස්ථාවල record කරන්න projection booth එකේ සවිකරන professional camera යොදාගන්නවා. CAM-Rip සහ මේකෙ තියෙන ප්‍රධාන වෙනස තමා audio record කරන්නෙ direct audio source එකෙන්ම වීම. HD record කරන නිසා තමා මේක HDTS කියලත් හඳුන්වන්නෙ. CAM-Rip වගේම quality එක පහළ මට්ටමේ තියෙන copy එකක් තමා මේකත්.

  • DVDRip
    Film එක release කරන DVD එකකින් ripping softwares භාවිත කරලා ලබාගන්න copy එකක් තමා DVDRip එකක් කියලා හඳුන්වන්නෙ. මේ ripping softwares වලින් source file එක encode වීමක් සහ compress වීමක් සිදුවෙනවා. බොහෝවිට AVI file format එකෙන් තමා නිකුත් වෙන්නෙ. Quality එක සාපේක්ෂව හොඳ මට්ටමක තියෙනවා.

  • DVDR
    Original DVD එකෙන් ලබාගන්න සම්පූර්ණ copy එකක් තමා DVDR කියන්නෙ. මේවා බොහෝවිට DVDRip වලට වඩා size එකෙන් වැඩී. සමහර අවස්ථාවල re-encode කිරීමක් සිදුකරනවා.

    • DVD9
      DVD-R standard එකේම ඊළඟ අවස්ථාව තමා DVD-R DL එහෙමත් නැත්තං DVD-R9 කියලා හඳුන්වන්නෙ. මේකෙ තියෙන වෙනස තමා recordable dye layers දෙකක් හරහා 8.5GB වෙනකන් ඩේටා ස්ටෝර් කරන්න පුලුවන් වෙන එක. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් 4.7GB DVD එකක දාන්න පුලුවන් ඩේටා ප්‍රමාණය වගේ දෙගුණයකට ආසන්නව මේකෙ ස්ටෝ කරලා තියාගන්න පුලුවන්.
  • TVRip / HDTV / HDTVRip
    TV එකකින් capture card එකක් භාවිත කරලා ලබාගන encode කරලා තියෙන videos TVRip කියලා හඳුන්වනවා. බොහෝවිට TV series තමයි මේ format එකෙන් එන්නෙ. Source එක HD නම් (HDMI හරහා capture කළ) HDTV කියලත්, SD නම් SDTV / PDTV (Pure Digital TV) කියලත් නම් කරනවා. HDTV වල quality එක සෑහෙන ඉහළ මට්ටමක තියෙනවා. 360p, 540p, 720p, 1080p වගේ resolutions වලින් මේවා නිකුත් වෙනවා. ඒ වුණත් network logo, banners, watermarks වගේ දේවල් තියෙන නිසා ඒක රසවින්දනයට බාධාවක්.

  • WEB / WEBCap / WEBRip
    DRM (Digital Rights Management) enable කරලා තියෙන නිසා download කරන්න බැරි streaming service එකකින් external capture card එකක් භාවිත කරලා capture කරගන්න files හදුන්වන්න WEB හෝ WEBCap යොදාගන්නවා. මේවා බොහො වෙලාවන්වල encode කර නිකුත් කරන නිසා WEB / WEBCap වෙනුවට WEBRip විදියට තමා හඳුන්වන්නෙ. HSL (HTTP Live Streaming) හරහා ලබාගත් files හැඳින්වීමටත් මේ WEBRip යන්න යොදාගන්නවා. Network speed එක සහ capture කරන device එකේ specifications මත quality එක වෙනස් වෙනවා. Quality සාමාන්‍ය මට්ටමේ ඉදලා ඉහළ මට්ටම වෙනකන් තියෙන්න පුලුවන්.

  • WEB-DL
    Streaming service එකකින් හෝ online distribution service එකකින් lossless විදියට ලබාගන්න file එකක් තමා WEB-DL කියලා කියන්නෙ. බොහෝ වෙලාවට කිසිම watermark එකක් නැති සුපැහැදිලි video සහ audio එකක් මේවාගෙන් ගන්න පුලුවන්. MKV file format එකෙන්, භාෂා කිහිපයක subtitles සහ audio සහිතව තමා බොහෝවිට මේවා නිකුත් වෙන්නෙ. Quality එක ඉතා ඉහළ තත්ත්වයක තියෙනවා. WEB-DL / WEBRip වලදී එයට මුලින් අකුරු කිහිපයක් මගින් එය ලබාගත් streaming service එක කුමක්ද යන්න සඳහන් කරනවා. Eg : NF.WEBRip, AMZN.WEB-DL

    Common Streaming Services

    • — International —
    • NF — Netflix
    • AMZN — Amazon Prime
    • HMAX — HBO Max
    • ATVP — Apple TV+
    • DCU — DC Universe
    • DSNP — Disney+
    • DSNY — Disney Networks
    • HULU — Hulu Networks
    • — Indian —
    • HS - Disney+ Hotstar
    • TK — Tentkotta
    • SS — Simply South
    • AHA — Aha Video
    • MMAX — Manorama Max
    • JIO / JC - Jio Cinema
    • VOOT - Voot
  • HDRip / WEB-DLRip
    HDTV හෝ WEB-DL file එකක් යොදාගෙන transcode කරලා තියෙන ඒවා තමා HDRip කියන්නෙ. Quality එක WEB-DL වලට වඩා යම් තරමක් අඩු වුණත් file size එක සෑහෙන තරමකට අඩුකරගන්න පුලුවන් වෙලා තියෙනවා.
  • HC HD-Rip
    HDRip වර්ගයටම අයිති වුණත් Hard-Coded subtitles ඇති බව දැන්වීමට HC යනන යොදාගන්නවා. යම් අවස්ථාවවල subtitles blur කිරීම හෝ block කිරීම සිදුකර ඇති නිසා quality එක අඩු මට්ටමක පවතිනවා.
  • BluRay / BDRip / BRip / BRRip
    BDRips ලබාගන්නෙ කෙලින්ම Blu-Ray disk එකක් යොදාගෙනයි. මේවාට කිසිම transcode කිරීමක් සිදුනොකරන අතර 2160p සහ 1080p resolutions වලින් ලැබෙනවා. 4K UHD copy සඳහා මෙම source files යොදාගන්නවා. පසුව encode කිරීම මගින් BRRips සාදාගන්නා අතර මේවායේ resolutions 480p සිට 1080p දක්වා වෙනස්වෙන්න පුලුවන්.
    • BD25 / BD50
      BD-25 කියන්නෙ 25GB වෙනකන් ඩේටා ස්ටෝර් කරලා තියාගන්න පුලුවන් single layer disc එකක් සාමාන්‍යයෙන් මේවගෙ පැය 4 ක HD video හෝ පැය 11 SD video දාන්න පුලුවන්. ඒ වගේම BD-50 කියන්නෙ 50GB වෙනකන් ඩේටා ස්ටෝර් කරන්න පුලුවන් dual layer disc එකක්.

Important Tags (2)

සමහර අවස්ථාවල නමේ මුලට අමතරව පසුවද යම් යම් විශේෂිත ටැග්ස් යොදලා තියෙනවා.

  • UNTOUCHED
    කිසියම් ආකාරයට ලබාගත් පිටපත කිසිදු encode කිිරීමක් නොකර source file එකට සර්වසම ආකාරයටම රිලීස් කිරීමේදී UNTOUCHED ලෙස සඳහන් කරනවා.

  • REMUX
    Blu-ray or HD DVD disk එකකින් වෙනත් ෆෝමැට් එකකට rip කරගත් හෝ කිසිදු වෙනසක් නොකර (codecs එලෙසම තබාගෙන) disc එකේ ඇති ආකාරයටම strip කරගත් ෆයිල් එකක් නම් එහිදී REMUX ලෙස යොදනවා. මේවා original disk එකේ ඇති ෆයිල්ස් වලට සර්වසම ඉතා විශාල ෆයිල්ස් වෙනවා.

  • DS4K :
    Downscaled from a 4K source එහෙම නැත්තං 4K source එකකින් හදාගන්න 1080p/720p කොපි එකකට තමා මේක යොදාගන්නෙ. මේවා 1080p/720p source එකකින් encode කරපු ෆයිල් එකකට වඩා quality එකෙන් වගේම size එකෙනුත් වැඩියි.

  • RM4K :
    ගොඩක් වෙලාවට පරණ ෆිල්ම්ස්වල 4K source එකක් හොයාගන්න අමාරුයි එහෙම ඒවා පස්සෙ ආයෙමත් remaster කරලා නම් මේ ටැග් එක දානවා.

  • UPSCALED
    මේකත් REMASTERED වගේම තමයි, හැබැයි වෙනස තියෙන්නෙ remaster කරන්නෙ ෆිල්ම් එකේ negative එකම යොදාගෙන වුනාට upscale කරන්නෙ තියෙන වීඩියෝ ෆයිල් එකක්ම යොදාගෙන වෙන එක. මේනිසා upscale කරපු ෆිල්ම්ස් වලින් අපිට අර තරම්ම හොඳ quality එකක් හම්බවෙන්නෙ නෑ.

  • HFR
    High Frame Rate කියන එක හඳුන්වනන තමා මේ HFR ටැග එක පාවිච්චි වෙන්නෙ. 24fps වලට වැඩි frame rate එකක් තියෙන වීඩියෝස් සියල්ලම HFR වල​ට අයිති වෙනවා.

Audio Information

මේ torrent names වල බොහෝ වෙලාවට audio file එකේ coding technique, channel system, bitrate, audio format එක වගේ විස්තර ඇතුළත් කරලා තියෙනවා. හරියටම ගැලපෙන speakers setup එකක් නැතුව ​මේවා ගන්න එකෙන් කිසිම වෙනසක් ලැබෙන්නෙ නෑ.

Coding techniques (Codec)

  • DD (Dolby Digital) - Dolby Labs ට අයිති audio codec එකක් තමා Dolby Digital කියන්නෙ. මේ codec එක 5.1-channel audio support කරනවා. මෙහිදී Dolby විසින් මිනිස් කනට නොඇසෙන ශබ්දයන් reduce කිරීම සහ bitrate එක අඩු කිරීම මගින් file size එක අඩු කිරීමට සිදු කරනවා. Dolby Digital Plus/EAC3 කියන්නෙ මේකෙ ඊළඟ පරම්පරාව.

  • DA (Dolby Atmos) - 2012දී Dolby Labs හඳුන්වාදීලා තියෙන surround-sound technology එකක් වන මෙය 5.1-channel, 7.1 channel audio support දක්වන අතරම මේකෙ විශේෂත්වය වන්නේ speakers 400ක් දක්වා භාවිත කිරීමේ හැකියාව පැවතීම.

  • Dolby TrueHD - Dolby TrueHD කියන්නෙ ගොඩක් වෙලාවට Blu-ray discs වල පාවිච්චි වෙන lossless codec එකක්. මේක 7.1 channels සහ 24-bit දක්වා audio support කරනවා.

  • DTS (Digital Theater Systems) - DTS Inc. මගින් develop කරන DTS Coherent Acoustics (DCA) codec එක හැඳින්වීම සඳහා DTS යන්න යොදාගන්නවා. මෙයද Dolby Digital ආකාරයටම 5.1-channel audio support කරන නමුත් DD ට වඩා වැඩි bitrate එකකින් සහ යම් යම් වෙනස්කම් වලින් යුක්ත වනවා. DTS-ES, DTS Express, DTS-HD MA, DTS X කියන්නෙත් මේකෙම වෙනස් ආකාර කිහිපයක්.

  • Channel System

    • 2CH - Left and right ලෙස channels දෙකක් පවතිනවා.
    • 5.1 / 6CH - front left, front right, center, surround left, and surround right ලෙස channels 5ක් සහ special effects සඳහා low frequency effect (LFE) channel එකක් අඩංගු වෙනවා.
    • 7.1 / 8CH - front left, front right, center, side left, side right, back left, back right ලෙස channels 7ක් සහ LFE channel එකක් අඩංගු වෙනවා.
  • Audio Formats

    • MP3 (MPEG-1 Audio Layer III)
    • AAC (Advanced Audio Coding / MPEG-4 AAC)
    • Vorbis
    • Opus (Opus is the successor for Vorbis)
    • FLAC

Subtitles

  • ESub - English Subtitles
  • KorSub - Korean Subtitles
  • MSub / MultiSub
  • HC - Hard Coded Subtitles

Video Container

Torrent name එකේදී video file format එක සඳහන් නොකළත්, torrent එකේ files වල අවසානයට මෙය දැකගන්න පුලුවන්. බොහෝවිට මේවා MKV හෝ MP4 වෙනවා. DVDRip වලදී පමණක් AVI format එක යොදාගන්නවා.

  • MKV (Matroska Multimedia Container)
  • MP4 (MPEG-4 Part 14)
  • AVI (Audio Video Interleave)

සුපිරිම ටොරන්ට් එක හොයාගන්නෙ කොහොමද?

උඩ කිව්ව මුලු ඔක්කොම ඒ විදියට සෑහෙන්න විස්තර කරේ මෙ​තනට එන්න තමා. ඒ ටික කියෙව්වානම් හරියටම ටොරන්ට් එකක් තෝරගන්නෙ කො​හොමද කියලා අදහසක් ඇවිල්ලා ඇති. ඇත්තටම බැලුවොත් සුපිරිම ටොරන්ට් එක කියලා එකක් නෑ. ඒක ටොරන්ට් එක ගන්න කෙනාට සාපේක්ෂව වෙනස් වෙනවා. ඒ නිසා සුපිරිම නෙවෙයි ගැලපෙනම ටොරන්ට් එක තෝරගන්නෙ කොහොමද කියලා කියන්නම්, එතකොට ඒකෙන් පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි.

PC එකේ ෆිල්ම්ස් බලනවා නම් ඇත්තටම වැඩිය හිතන්න දෙයක් නෑ. මොන ටොරන්ට් එක ගත්තත් වැඩ කරනවා. හැබැයි ඉතිං බාන හැම එකම එකතු කරලා තියාගන්න මං වගේ data hoarder කෙනෙක් නම් හරියටම ගැලපෙන්නෙ 720p x265 තමයි. අලුත් ෆිල්ම්ස් වලනම් 1080p AV1 එකත් ගොඩක් වෙලාවට එනවා. ඒක 720p x265 එකේ ෆයිලි සයිස් එකට ගොඩක් ළඟින් යනවා. හැබැයි 2GB වගේ RAM එකක්, පරණ processor එකක් තියෙන PC වල නම් මේක සෑහෙන ලැග් වෙන්න චාන්ස් එකක් තියෙනවා. එහෙම වුනොත් ඉතිං 720p x264 තමා ගැලපෙන්නෙ.

යම් තරමක් අලුත් ෆෝන් එකකට වුනත් මේ උඩින් කිව්ව දේවල් ටික බොහෝ දුරට ගැලපෙනවා. හැබැයි මේකට අර 2GB RAM කතාව හරියන්නෑ. මොකද මේ සමහර අලුත් processors HEVC/AV1 decoding එක්ක එන නිසා. හැබැයි වැඩ කරයිද කියන එක නම් හරියටම කියන්න අමාරුයි. ඒක ලක් එක තමා ඉතිං 😂

HEVC / AV1 ගන්නවනම් 10bit panel එකක් තියෙනවද නැද්ද කියන එක අදාල වෙන්නෙ නෑ අනිවාර්යයෙන් 10bit එක ගන්න. Colors වල පොඩි පැහැදිලි ගතියක් මොනවා වුනත් බලාගන්න පුලුවන් ඒ වගේම සයිස් එකත් පොඩි වෙනසක් තියෙනවා.

මේ අන්තිමට කිව්ව ටිකනම් ගැලපෙන්න කියන්න බැරුවුනා කියලා තේරුණා. හැබැයි ඒක ​ගලපන්නෙ කොහොමද කියලා මටත් හිතාගන්න අමාරුයි. ඒ නිසා මම කරන්නෙ මොකද්ද කියලත් කියන්නම්. මම අර උඩදි කිව්වා වගේ data hoarder කෙනෙක් නිසා මේ ගන්න ෆිල්ම්ස් වල සයිස් එක සෑහෙන්න බලන්න වෙනවා. ඒ නිසා මම ගන්නෙ 720p x265. සෑහෙන්න සෙට් වුණ ෆිල්ම් එකක් නම් 1080p x265 නැත්තං සමහර වෙලාවට 4K එකත් අරගන්නවා හේතුව අපි දිගටම මේ 720p/1080p devices පාවිච්චි කරයි කියලා හිතන්න අමාරුයිනෙ. මේ ගන්න හැම එකම හොයාගන්න පුලුවන් නම් 10bit වලින් තමා ගන්නෙ. ඒකට හේතුව නම් කිව්වනෙ. ඒ වගේම සමහර ෆිල්ම්ස් ටිකක් AV1 වලට encode කරගන්න පොඩි ට්‍රයි එකකුත් දානවා. මොකද ඒකෙන් සෑහෙන ස්ටෝරේජ් ඉතුරු කරගන්න පුලුවන් නිසා.

Audio ගැන කියනවනම හොඳ speaker system එකක් නැත්තං ඉතිං මේ මොකක් ගත්තත් එකම වගේ තමා ඇහෙන්නෙ. ඒ නිසා තියෙන හොඳම දේ තමා Opus / Vorbis එහෙම නැත්තං AAC audio තියෙන ෆිල්ම්ස් ගන්න එක. මේවට ලොකු ඉඩක් යන්නෙ නැති හින්දා නිකන් අනවශ්‍ය ඉඩක් අපතේ යවන්නෙ නැතුව ඉතුරු කරගන්න පුලුවන්.

ඊළඟට වැදගත්ම දේ මේ ගන්න ඒවා බලන්නෙ කොහොමද කියන එකනෙ. ඒකට නම් PC වලට තියෙන හොඳම විසඳුම තමා VLC කියන්නෙ. එහෙම නැත්තං MPC / MPV කියන්නෙ සුපිරිම players දෙකක්. හැබැයි VLC තරම්ම user friendly නෑ. අනික Windows/Linux/Mac ඕනෙම OS එකකට මේක හරියනවා. Windows වලට තියෙන තවත් සුපිරිම option එකක් තමා PotPlayer එකත්. Mobile Device එකකට නම් තියෙන හොඳම option එක තමා mpv-android කියන්නෙ. පාට කැටයම් මොකුත්ම නෑ පට්ට සරළයි, හැබැයි HEVC/AV1 ඕනෙ එකක් සුපිරියටම වැඩ.

හරි මෙතනට එනකන්ම කියවගෙන ආවා කියන්නෙ ෆිල්ම් හොයාගන්න එක බලන එක ගැන පොඩි හරි අදහසක් එන්න ඇති කියලා හිතනවා. එහෙනම් ඉතිං අපි ගියා 😁❤️

Resources :

Edit On Github ↗